1960 හා 1970 දශකයන්වලදී සමාජය සමඟ අතෘතිමත් වූ කාන්තාවන් පිරිසක්
සහ වියට්නාම යුද්ධයෙන් පෙරළා පැමිණි පිරිමින් පිරිසක් ඔවුන්ගේ ම දේශය
(ඇමරිකා එක්සත් ජනපදය) විසින් සාදරයෙන් පිළිනොගත් අමුත්තන් බවට පත්වූ
නිසාවෙන්, ඊට තම අසතුට ප්‍රකාශ කිරීම සඳහා යමක් කිරීමට සිතා ගත්තේ ය. බොහෝ
විද්‍යාල සිසුන් හා රැකියා විරහිත පිරිස්වල ද සමාජයේ සමාන අයිතිවාසිකම්
නොලත් පිරිස්වල ද කොන්කිරීම හා අසමතාව නිසා සමච්චලයට පත්වූ පිරිස්වල ද
අවදානය ඊට ලැබිණි.
මෙම ගැටළු හිපි ව්‍යායාපාරයේ ආරම්භය වූ අතර ඒ සමඟින් ම ප්‍රජා කොට්ඨාස ද ඇති විය. මෙම ප්‍රජා කොට්ඨාස වූ කලී, ඇමරිකා එක්සත් ජනපදයේ පැවති වියරු බවින් මිදී, මූලික වශයෙන් ම එක හා සමාන අදහස් ඇති මිනිසුන් වඩාත් කෘෂිකාර්මික අංශයට නැඹුරු වූ දිවිපෙවතක් ගෙවූ ජනයා ජීවත්වන ප්‍රදේශ හා ගම්මාන විය.
ඔවුනට තමුන්ගේ විශ්වාසයන් හා ආත්මයන් පිළිබඳව වඩාත් හොඳින් ගවේෂණය කිරීමට හැකියාව ලැබිණ. කැන්සාස් (Kansas) විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තොමොති මිලර් (Timothy Miller) පවසනා ආකාරයට "...ඊට හේතු වූ දේ විසින් එය මෙහෙයවනු ලැබ ඇත. වර්තමානයේ මේ එළැඹ ඇත්තේ ගුප්තමය මෙන්ම අන්තර්ඥාමය ... වෙත නැවත ගමන් කිරීමේ කාලයයි... හිපියන් ගොවිකම වෙනුවෙන් කාර්මීකරණය ද, ස්වභාවික දේ වෙනුවෙන් ප්ලාස්ටික් ද, කාබනික දේ වෙනුවෙන් කෘතීම දේ ද ප්‍රතික්ෂේප කර ඇත."
මෙකී සෑම ප්‍රජා කොට්ඨාසයක් ම එකිනෙකට වෙනස් විය. සමහරුන් අතිශයින් ම ආගමානුකුල වූ අතර සමහරුන් වඩාත් ලෞකික මෙන් ම පොළොව සමඟ වඩාත් බැඳී සිටියේ ය. සමහරුන් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු දිවියක් ගෙවූ අතර වෙනත් අය මත්නොවූ තදින් ම සන්සුන් බවේ ඇලීගැලී සිටියේ ය. ඒ එක් එක් ප්‍රජා කොට්ඨාසයකට ම ඔවුනට කියා වෙන ම ආගමික මාධ්‍යස්ථානයක් හෙවත් පල්ලියක් විය. 'මූලාශ්‍ර කුටුම්භය' හෙවත් Source Family නමින් හැඳින් වූ ප්‍රජා කොට්ඨාසය මේ අතරින් වඩාත් පුදුමසහගත ප්‍රජා කොට්ඨාසය වූයේ ය. 'මූලාශ්‍ර කුටුම්භ' ආරම්භ කරන ලද්දේ අධ්‍යාත්මික නායක Ed Baker විසිනි. ඔහු වඩාත් ප්‍රරසිද්ධියට පත්ව සිටියේ Father Yod යන නමිනි.
මෙම කුටුම්භය ව්යාවසායකයින්ගෙන් සමන්විත විය. ලොස් ඇන්ජලීස් හි ප්‍රථම නිර්මාංශ අවන්හල ආරම්භ කරන ලද්දේ ඔවුන් විසිනි. අසාමාන්‍ය ජීවන රටාව, දිගු හිසකේ හා රැවුල් හේතුවෙන් ඔවුන් වඩාත් ප්‍රසිද්ධියට පත් විය. පාදයෙන් ක්‍රියාකරන සැහැල්ලු ගුවන් යාන අනතුරකින් Father Yod 1977 දී මිය ගියේ ය. ඒ සමඟම 'මූලාශ්‍ර කුටුම්භය' කොටස්වලට කැඩී ගියේ ය.
පහත දැක්වෙන්නේ 1960 හා 1970 දශකවලදී හිපි සමාජයේ පැවැත්ම ද 'මූලාශ්‍ර කුටුම්භය' විසිරී යාමට පෙර එහි ස්වාභාවය ද පෙන්වා දෙන අපූරු ඡායාරූප සමූහයකි.
ප්‍රධාන මූලාශ්‍රය - 'Higher Perspective' නම් වෙබ් අඩවියේ පළ වූ' Eye Opening Images Of One Of America’s Hippy Communes' නම් ලිපියේ පරිවර්තනය
වෙනත් මූලාශ්‍ර - Meet The New Aquarians : Society’s Dropouts: 48 Eye-Opening Photos Of America’s 1970s Hippie Communes